හැමෝටම අද හරි ආතල්. නිදහස් දිනය. ගූගල් එකේ ඩූඩල් එකකුත් දාලා. ඒකේ ආතල් එක විඳින අතරේ බැචාට ප්‍රශ්නයක් ආවා; මොනවද අපි මෙච්චර උඩදාගෙන සමරන්නේ? නිදහස? කොහෙ තියෙන නිදහසක්ද?
හතලිස් අටේ පෙබරවාරී හතර අපි සුද්දොන්ගෙන් නිදහස ලැබුවලු. එච්චරකල් අපිව පාලනය කරේ සුද්දෝ. එතනින් පස්සේ අපිව පාලනය කරගන්න බලය අපිටම ලැබුණා. ජනතා පරමාධිපත්‍යය කියන්නේ ඕකටනේ. ඇමතිලා මන්ත්‍රිලා පත්කරන්නෙ අපි. ඉතිං පොතේ හැටියට අපි පාලනය කරන්නේ අපි විසින්මයිනේ. ඕකට තමා අපිට නිදහස ලැබුනා කියලා කියන්නේ.
හැබැයි රටේ සාමාන්‍ය මිනිහට ඕන විදිහටද රට යන්නේ කියන එක අද ලොකු ප්‍රශ්නයක්. සාමාන්‍ය මනුස්සයට ඕනෙ නැති මහල් ප්‍රාසාද, කාර් රේස්, අභ්‍යවකාශ ගවේෂණ වලට මුදල් ටික වෙන් වෙද්දී, මිනිස්සුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ටික, සෞඛ්‍ය අවශ්‍යතා ටික බල්ලට ගිහින්. මිනිස්සු ගැන හොයන්න තියෙන පොලීසිය පගාවට යටවෙද්දී සාධාරණයට පෙනී හිටින අධිකරණය වලපල්ලට ගිහින්. බඩු මිල අහස උසට. ගෑස් එකේ ගාන රුපියල් සීය දෙසීයකින් වැඩි වෙද්දී, පඩිය රුපියල් විස්සකින්වත් වැඩි වෙන්නේ නෑ. රට හැමතැන බදු; විනෝද බද්දෙන් නවතින්නේ නැතුව ගෙදර මිදුල හාරලා ගන්න වතුර ටිකටත් බදු ගහලා.
සුද්දෝ ඉද්දිත් පාරවල්, රේල් පාරවල් හැදුවා බොල. ඒත් උන් අපේ මිනිස්සු-උන්ගේ ඕනකං මායිම් කරේ නෑ. ඒකයි අපිට නිදහසක් ඕන උනේ. ඒත් හත්වලාමේ දැන් ඉන්න තකතීරුවෝ ඒවා මායිම් කරනවද? නෑ නේද? එහෙනං කොහෙ තියෙන නිදහසක් ගැනද උඹලා උදම් අනන්නේ?
අපි නිදහස්ද නැද්ද කියන දේ තීරණය කරන්න ඕන අපිමයි. අද නිදහස් උත්සවේ වෙලාවේ රටේම ඉන්න කුඩු මුදලාලිලා, මිනීමරුවෝ, තක්කඩි හමුදා උත්තමාචාර මැද උත්සවයට සැපත් වෙන හැටි දැක්කම උඹලට අභිමානයක් දැනුනද? මට නං දැනුනේ ලැජ්ජාවක් - පිලිකුලක්.
අපි තාම නිදහස් නෑ. අපි නිදහස් වෙන්නේ අපේ රටේ මිනිස්සු පාලනය තමන්ගේ අතට ගත්ත දවසටයි. පාලකයෝ වැරදි පාරක යද්දී උන්ගේ කනින් ඇදල හරි පාරට දාන්න මිනිස්සුන්ට පුළුවන් වෙච්ච දවසටයි. මිනිස්සුන්ගේ හිතුම් පැතුම් වලට අනුව රට පාලනය වෙන දවසකටයි. අවුරුදු 65ට කලින් අපි සුද‍්දොන්ගේ වහල්ලු වෙලා හිටියා. ඒත් තාමත් අපි වහල්ලු. ඒ බව නොපෙනීම හරිම උත්ප්‍රාසජනකයි!
බැචාගේ කොලම
බැචා කියන්නේ අවුරුදු දා හතරක් දහ දුක් විදලා දෙයියනේ කියලා යාන්තන් විස්ස විජ්ජාලෙට ගිය තවත් කොල්ලෙක්.ඉතිං හා හා පුරා කියලා බැචත් කොලමක් ලියන්න හිතුවා. කැම්පස් ජීවිතේ ගැන, බැචාලා බැචීලා ගැන විතරක් නෙවේ විස්ස විජ්ජාලේ තියෙන නා නා ප්‍රකාර විජ්ජා ගැනත් ලියන්න බැචා හිතං ඉන්නවා.
Monday, February 4, 2013
Sunday, December 9, 2012
මුස්ලිම් කෙල්ලෝ පව් නැද්ද එතකොට?
මේ සිංහල කොල්ලො කියන්නේ මහ එපා කරපු ජාතියක්. කෙල්ලනේ උන් එක්ක දීගෙක යන්න තියා හිතන්න එපා. බලන්න අර ගයාන් වික්‍රමතිලක කියන කොල්ලා තරුෂිනා ලතීෆ් කියන කෙල්ලව අනාත කරලා වෙන ගෑණියෙක් එක්ක ගිහිල්ලනේ. අවුරුදු තුනේ, දහතුනේ ලමයි දෙන්නකුත් ඉන්නවලු. ඕකුන් ඔහොම්මමයි; වලත්තයෝ. ඕක තමයි කියන්නේ ඉස්ලාම් ලමයිට සිංහල කොල්ලෝ එක්ක යාළු වෙන්න එපා කියලා.
හෝව් හෝව්! කලබල වෙන්න එපා. තම්බියා, හමබයා කියලා බැනලා බැචාට විරුද්ධව කමෙන්ට් එකක් එහෙම දැම්මෙ නෑ නේද මේ ඉක්මනට? :D
මේක මේ මම නිකන් ලියපු දෙයක්. මේක මම ලිව්වේ මුස්ලිම් සිංහල විවාහ වලට විරුද්ධ ශුද්ධවන්තයන්ගේ හෙළුව පෙන්නන්න. මේ ශාන්තුවරුන්ට ප්‍රශ්නයක් තියෙන්නේ මුස්ලිම් මිනිස්සුත් එක්ක සිංහල ගෑණු විවාහ වෙන එක විතරනේ. ඒත් සිංහල කොල්ලෝ එක්ක මුස්ලිම් කෙල්ලො යාළු වුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එයාලා තාම හිතන් ඉන්නේ "ගෑණු කියන්නේ බබාලා හදන මැෂින්" කියලනේ.
අනෙක් කතන්දරේ, මුස්ලිම් මනුස්සයෙක් මැස්සෙක් මැරුවත් වැරදියි. කසාද ගෑනිට කුණුහරුපයක් කිව්වත් ෆේස්බුක් එකේ පෝස්ට් සීයක් විතරක් දාලා තියෙයි "දැක්කද තමබියෙක්/හම්බයෙක් එක්ක යාළු වුනාම වෙන දේ සිංහල කෙල්ලනේ" කියලා. ඒත් සිංහල මනුස්සයා මුස්ලිම් කෙල්ලට මොන ජඩ වැඩක් කරත් හුම් සද්දයක් නෑ. අනෙක, සිංහල මිනිස්සුත් එක්කම යාළු වෙලා ඉන්න සිංහල කෙල්ලන්ට වෙන අසාධාරණකම් ගැනත් මේ සුද්ධවන්තයන්ට කතා කරන්න හිතෙන්නෙ නැති හැටි! හරි පුදුමයි.
මේකේන් පැහැදිලි වෙන්නේ සරල දෙයක්. ඔය මිනිස්සුන්ට ගෑණු වර්ගයා ගැන කිසිම ආකාරයක සානුකම්පිත හැඟීමක් නැහැ. ගෑණුන්ට හෙන ගැහුවත් උන්ට ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි සිංහල ජාතිවාදය අවුස්සන්න සිංහල බහුතරය ටාගට් කරන් කාලකන්නි ක්‍රියාවලියක උන් නිරතවෙනවා. අපේ සමහරුත් ඒ ක්‍රියාවලියට අහුවෙලා අවාසනාවකට. බැචාට කියන්න තියෙන්නේ එක දෙයයි.
ඔබ සිංහලයෙක් වෙන්න කලිනුයි මනුස්සයෙක් උනේ. සිංහලකම රැකගන්න කලින් මනුස්සකම තියෙනවද කියලා හදවතට තට්ටු කරලා බලන්න...
ප.ලි: මේ පෝස්ට් එක පුද්ගල චරිත අපහාසයට ලක්කිරීමේ අරමුණින් සිදුකරන ලද එකක් නොවන වග කරුණාවෙන් සලකන්න. මෙයට අදාල සිද්ධිය ගැන මෙලෝ තේරුමක් නොමැති පාර්ශව පහල සබැඳියට යන්න
http://www.gossiplankanews.com/2012/12/chathurika-roshan-separated.html
Monday, November 26, 2012
ඉරාජ් සිරාවට රොක් පොරක්ද?
වෙලාවකට පුදුමත් හිතෙනවා මිනිස්සු හිතන විදිහ ගැන හිතුවම. අපි ගොඩක් දේවල් ගැන ආඩම්බර වෙනවා.හැබැයි ඒ දේවල් වලින් අපිට ඇත්තටම වැදගත් මොනවද කියලා බැලුවම හිනහත් යනවා. අපි හිතන්නෙ පතන්නේ අපිට ඕන විදිහටද? නැත්තං වෙනකාට හරි ඕන විදිහකටද? බැචා කියන ආත්මාර්ථකාමී පුද්ගලයා තමන්ට ඕන විදිහට විතරක් තීරණ ගන්නවනං බැචා ගන්න තීරණ කොච්චර වෙනස් වේවිද?
මේ දවස්වල කොළඹ පැත්තේ යන කට්ටිය දැකලා ඇති ගෝල්ෆේස් එක ඉස්සරහා විසාල බිල්ඩින් ගහන්න සැලසුම් කරලා තියෙන විදිහ.. ඕක දැක්කම බැචාටත් ආඩම්බරයක් හිතුනා. කොච්චර එකක්ද ලංකාවේ මෙහෙම ඒවා හැදෙන එක. බැචාට වගේම ඔය දේ තව දහස්ගණකට හිතුන බවට සැකයක් නෑ. හැබැයි ඔතන තියෙන උත්ප්‍රාසේ කියන්නේ බොහෝවිට බැචාලට ඔය හෝටල් වලට යන්නත් බැරි වේවි පණ තියෙනකන්. බැචා කොහොම හරි ගියා කියමුකෝ; ඒත් ඒ දිහා බල බල සතුටුවන දහස්ගණනක් අසරණ මිනිස්සුන්ට ඒක හීනයක් විතරක් වේවි කියලයි බැචාට හිතෙන්නේ.
ඉතිං ඇත්තට අපිට ප්‍රයෝජනයක් නැති, අපිට යන්නත් බැරි බිල්ඩිමක් හදනවා දැක්කම අපිට සතුටු හිතෙන්නේ ඇයි? අපිට අයිති නැතත් ඒ දේ අපේය කියන හැඟීම අපේ හිතට ඇතුල් කරලා නේද? හරියට කොළඹ - මාතර හයිවේ එක වගේ. හයිවේ එක හදද්දි ඒක පාරේ දෙපැත්තේ ඉන්න මිනිස්සුන්ට මැජික් එකක් උනාලුනේ. හැබැයි හැදුවයින් පස්සේ ඒ මිනිස්සුනට අවහිරයක් ඇතිඋනානං මිස ලැබිච්ච දෙයකුත් නැහැලු. ඒත් මොකුත් කියන්නත් බැහැ. මොකද හයිවේ එක "අපේ(රටේ) වැඩක්"නේ.
එහෙම බලද්දී අහසට යවන්න යන සැටලයිට් එකත් ඔයවගේ සුකුරුත්තමක් තමයි. අපිට වැඩක් තියෙනවද දන්නේත් නෑ. ඒත් කවුදෝ හිතට දාපු ආඩම්බරකාර හැඟීමක් හින්දා හැමෝගෙම හිත් පිබිදිලා.
තව හිතද්දී සදාම් හුසේන් ගැනත් මතක් වුනා බැචාට. සදාම් හුසේන් අපිට කරපු වැරැද්දකුත් නෑ. ඒත් කවුදෝ හිතට දාපු අදහස් හින්දා සදාම්ව මතක් වෙද්දී ඇඳෙන්නේ අපරාධකාරයෙක්ගේ චිත්‍රයක්. හරිම උත්ප්‍රාසජනකයි නේද? ඇත්තටම ඒ මනුස්සයා ඔය කියන විදිහෙ කාලකන්නියෙක් වෙන්න ඇද්ද? රනිල් ඇත්තට කොටියෙක්ද? ගාන්ධි ඇත්තට වීරයෙක්ද? සායිබබා ඇත්තට ශාන්තුවරයෙක්ද? ප්‍රභාකරන් ඇත්තට සාහසික මිනීමරුවෙක්ද? ඉරාජ් සිරාවට රොක් පොරක්ද? -- ප්‍රශ්න වැලයි!!!
හැබැයි ඔතන තියෙන භයානකම දේ ඕක නෙවේ. මිනිස්සුන්ට විනකරන, මිනිස්සුන්ට හැබෑවට කරදරයක් වෙන දේවලුත් සුදුපිරුවට දාලා වඩම්මන්න ඉඩ තියෙනවා කට්ටිය. අපි ඒවට එපා කියයිද? මට නං සැකයි. මොකද, අපි හිතන දේවල් තීරණය කරන්නෙත් එයාලම තමයි!
Wednesday, September 5, 2012
අයියෝ භාතිය-සන්තුෂ්!
බැචා මෙහෙම හිටියට ඒ කාලේ භාතිය-සන්තුෂ්ලගෙ හොඳ රසිකයෙක්. දැන් පොඩි කලකිරීමක් තිබ්බත් තාමත් භාතිය - සන්තුෂ්ට බැචාගේ අකමැත්තක් නැහැ. හැබැයි මේ වෙනකොට බැචාට ඇත්තටම හිතෙනවා භාතිය-සන්තුෂ් දෙන්නා වැඩේ ටිකක් අනාගත්තා කියලා.
භාතිය සන්තුෂ් කරලියට එන්නෙ ලංකාවේ ප්‍රසාංගික කලාවේ පෙරලියක් ඇති කරගෙනයි. අනූව දශකයේ රූකාන්ත ඇතිකල පෙරලියට සමාන එකක්. එතනින් පටන් ගන්න ගමන සංගීත ගමනකට වඩා ප්‍රාසාංගික එකක් කියල බැචා හඳුන්වන්නේ භාතිය සන්තුෂ් ලංකාවේ වර්ධනය වෙලා තිබ්බ නැති ප්‍රාසාංගික වෙළඳපොළ අත්පත් කරගන්න සමත් වෙච්ච හින්දයි. ඒ සාර්ථකත්වයට හේතුව බණ කිය කිය ඉන්නේ නැතුව වැඩ පෙන්නපු හින්දයි කියලයි බැචාට හිතෙන්නේ.
බැචාට මතක විදිහට සිරිසඟබෝධි සින්දුවට, රැප් කරන එකට එහෙම හොඳටම බැනුම් අහපු කට්ටියක් මේ දෙන්නා. ඒ කාලේ රූපවාහිනියෙන් එහෙම කිසිම සහයෝගයක් හම්බ උනෙත් නැහැ. හැබැයි තමන්ගේ දක්ෂකමයි, රසිකයන්ගේ ඉල්ලුමට සංවේදී වෙච්ච හින්දයි ඒ හැම බාධකයක්ම බිඳින්නත් දෙන්නට හැකිවුනා. ඔය හින්ද තමා තාරුණ්‍යයේ සහ නේත්තරා ඇල්බම් දෙකත් හොඳටම ජනප්‍රිය වෙන්නෙත්!
හැබැයි එතනින් පස්සේ දෙන්න යන පාර ගැන බැචාට ලොකු කලකිරීමක් තියෙනවා. කාටහරි හිතෙන්න පුළුවන් ඒ ගීත කොපි කරපු හින්දා කියලා. ගීත කොපිකිරීම ගැන නං බැචාට අවුලක් ඇත්තෙම නෑ. මොකද කලින් කිව්ව වගේ මේ දෙන්නා ගායකයන් දෙන්නෙක්ට වඩා බැචාට නං ප්‍රාසාංගික ශිල්පීන් දෙන්නෙක්. තනුවට ශ්‍රැතියට ගායනා කරන එක නෙවේ මේ දෙන්නගේ රාජකාරිය; රසිකයන් පිනවන එකයි ඒ දෙන්නගේ රස්සාව. ඒ සඳහා වෙන කෙනෙක්ගෙ තනුවක් පාවිච්චි කිරීම බැචාට කිසි ප්‍රශ්නයක් නැහැ (නීතිමය ප්‍රශ්නයක් නැත්තං!)
මොකක්ද එහෙනං තියෙන ප්‍රශ්නේ? බැචාට හිතෙනවා ජාත්‍යන්තරය අල්ලන්න යන බී.එන්.එස් ගමනේදී ලංකාවේ සින්දු අහන කොල්ලො කෙල්ලෝ ටික භාතිය සන්තුෂ්ලට අමතක වෙලා කියලා. ලංකාවේ තියෙන ඉල්ලුම සලකන්නැතුව හදන සින්දු කොච්චර සාර්ථකද කියන ප්‍රශ්නේ බැචාට තියෙනවා. හැබැයි ඊටත් වඩා බැචාට භාතියලගේ භූමිකාව ගැන විවේචනයක් තියෙනවා. භාතියලගේ ඇතැම් ප්‍රකාශවලින් පේනවා ලංකාවේ සංගීතයේ කෙරුම්කාරයෝ තමන්ය කියන අධිමානය භාතියලට තියෙනවා කියලා. එස්.එල්.පී.එල් තරඟාවලියේ අදහස් දක්වද්දිත් ඒ අදහස හොදින් ප්‍රකාශ උනා. නවයුගයේ නිර්මාණකරුවන්ගේ භාරකරුවන් තමන්ය කියන මානය භාතියලගේ හිත් තුල තියෙනවා කියන දේ බැචාට තේරිච්ච දෙයක්.
භාතියලා ලඟදි හදපු "හිනිපෙත්ත" කියන සින්දුවේ මුල් කොටස දැක්කම ඇත්තටම බැචාට ඇතිඋනේ කලකිරීමක්. නවනිර්මාණ හොඳයි තමයි. හැබැයි ලංකාවේ ඉස්සර බිහිවෙච්ච නිර්මාණවල ගුණාත්මක බවත් ඉහලයි කියන දේ භාතියලා අමතක කරන්න උත්සාහ කරනවා. සමහරවිට වික්ටර් රත්නායකයන්, සුනිල් එදිරිසිංහයන්, අමරදේවයන්ගේ ගීත භාතියලා අහල නැතිවෙන්න පුළුවන්. ඒ නිර්මාණ අගය කරන ගමන් භාතියලගේ නිර්මාණ බැචාලා අගය කරේ ඔය දෙවර්ගය දෙවිදිහයක සින්දුයි කියන දේ තේරුම් ගනිමුයි. නමුත් ඒ කාලේ සමහරු සරල ගීයේ මිම්මෙන් භාතියලව මනින්න ගිහින් නොසෑහෙන්න භාතියලට දොස්කිව්වා. බැචා හිතනවා ඒ දේ වැරදියි කියලා. හැබැයි දැන් භාතියලා කරන්නෙත් ඒ දේම නෙවේද?
"තමන්ගේ සින්දු හොඳයි පරණ සින්දු කම්මැලියි" කියන පටු තැනට භාතියලා වැටීම ඇත්තටම කණගාටුදායක දෙයක්. බැචාට හිතෙන්නේ භාතියලගේ නැගිටීම තුලින් එයාලා ඔප්පු කරපු වැදගත් දෙයක් එයාලටම අමතක වෙලා කියලයි. ප්‍රාසාංගික ලෝකෙ ජයගන්න නිකං බැහැ. රසිකයන්ට ඕනෙ මොකක්ද කියන දේ තේරෙන්න ඕන. ඒත් එක්ක අනික් ශිල්පීන්ටත් පොඩි ගරුත්වයක් දැක්කුවොත් තමයි ටිකක් හරි හොඳ.
අවසානයේ කියන්න තියෙන්නේ ලාංකිකකම තේරුම්ගන්නවා කියන්නේ සින්දුවක් ඇතුලට වන්නම් කෑල්ලක් ඇතුල් කරනවා කියන එකට විතරක් නෙවේ. ඊට එහා ගියපු ගොඩක්දේවල් තියෙනවා. ඒ දේ අවාසනාවකට භාතියලගේ අතින් පොඩ්ඩක් ගිලිහිලා තියෙනවා බැචාට හිතෙන විදිහට. ඒ දේවල් එකතුකරන් ලොකුගමනක් යන්න භාතියලට ශක්තිය ලැබෙන්න කියලා බැචා ප්‍රාර්ථනා කරනවා!
Monday, August 6, 2012
මුස්ලිම් මිනිසාගෙන් දික්කසාද වීම ගැනයි..
ෆේස්බුක් එකේ අන්ත ජාතීවාදී ප්‍රකාශන වලට බැචා විරුද්ධයි කියල කලින් දවසකත් කිව්වනෙ. ඉතිං එහෙම උනාට දිවා රෑ එහෙම දේවල් අනන්තවත් බැචාට දකින්න ලැබෙනවා. මේ පෝස්ට් එක දාලා තිබ්බෙ බැචාගෙ පාසැල් මිතුරෙක්.
බැලූ බැල්මට මේක ෆේස්බුක් දාන්න ඕන දෙයක් නෙවේනේ. ගෑණුකෙනෙක් මුස්ලිම් මනුස්සයෙක් එක්ක ශරියා නීතිය යටතේ විවාහ වෙලා. ස්වාමියා තවත් විවාහයක් කරගන්න හදන කොට දික්කසාද වෙන්න පුළුවන්ද කියලා පත්තරේක නීති උපදෙස් දෙන කොලමකින් අහනවා.ඉතිං මේකෙ පින්තූරයක් අරන් ෆේස්බුක් දාන්න තරම් වදවෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ව හෙලා දකින්න කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
කොමෙන්ට් දාපු අය කතෘගේ අරමුණ හොදට ඉටුකරලා තියෙනවා. බලමුකො කොමෙන්ට්
ටිකකුත්.
බැචාට හිතෙන විදිහට මේක සාමාන්‍ය පවුල් ප්‍රශ්නයක්. දෙමව්පිය අකමැත්තට විරැද්ධව විවාහවෙලා අසරණ වුනු කාන්තාවක්. මනුස්සයා ඉන්න බිරිදගේ විරුද්ධතාව මැද තව විවාහයක් කරගන්න හදන එක සාදාචාරාත්මක නැහැ (ශරියා නීතිය යටතේ දෙවෙනි විවාහයකට ඉන්න බිරිදගේ කැමැත්ත තියෙන්න ඕන බැචා දන්න විදිහට. නෛතික කරුණු ගැන ලොකු අවබෝධයක්නම් නෑ).
ඒත් කොමෙන්ට් කියෙව්වම බැචාට කණගාටු හිතුනා කොමෙන්ට් දාපු අපේ බෞද්ධයෝ ගැන. අසරණ වෙච්ච ගැහැනියකට බැනලා, අවමන් කරලා සිංහල බෞද්ධයෝ අධම සතුටක් ලබන එකම ඛේදයක්.
මේ ප්‍රශ්නෙ මනුස්සයා මුස්ලිම් වෙච්ච සිද්ධ වුනු දෙයක්ද? නැත්තං මනුස්සකමක් නැති හින්ද උන දෙයක්ද? සිංහල මිනිස්සු ඔහොම වැරදි කරන්නෙම නැද්ද ඇත්තට? ඇයි එහෙනං මේකට විතරක් ලොකු අවධානයක්
?මේ කාන්තාව සිංහල මිනිහෙක් එක්ක විවාහ වෙලා ඉදලා, ඒ මනුස්සයා කාන්තාවගේ කැමැත්තෙන් පිටත වෙනත් කාන්තා ඇසුරක් පැතුවනම්, මේක මේ විදිහට ෆේස්බුක් දාවිද? එහෙම උනානන්, ඒ කාන්තාවට "වේසි,බැල්ලි,.." වශයෙන් පරිභව කරලා කට්ටිය කොමෙන්ට් දාවිද?
මේ අසරණ වෙලා ඉන්නෙ තවත් කාන්තාවක්. ඇයට වෙච්ච දේ "හොද පාඩමක්" කියලා නිවට සතුටක් ලබනවා ගොඩ දෙනෙක්. ඒත් ඇත්තටම ඒ කාන්තාවට අනුකම්පාව නේද හිමිවෙන්න ඕන?
මුස්ලිම් නොවී සිංහල උනත් මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕන. ඒ කතා කරන්න ඕන මේ ෆේස්බුක් පෝස්ට් එක දාපු කෙනා කරා වගේ පටු අර්ථෙකින් නෙවේ. කාන්තාවන්ට ආරක්ෂාව සපයන්න ඕන කියන පුළුල් අර්ථයෙන්.
වැරදිකරන්නෙ මුස්ලිම් මිනිස්සු; අපි හරි හොදයි කියලා හිතන් ඉන්න අය, ඉස්සෙල්ලා තමන්ගේ ඇහේ තියෙන පරාල ඇණේ ගලවල දාන්න ට්‍රයි එකක් දෙනවා නං වටිනවා කියලයි බැචා හිතන්නේ!
ආගම්වාද, ජාතිවාචද හින්දා රට අවුරුදු තිහක් දුක්වින්දා. අවුරුදු තුනක් යන්නත් කලින් ඒ දුක අමතක වෙච්ච හින්දද ආයෙත් එතැනට යන්න වලිකන්නෙ ඇත්තට?
* කොමෙන්ට් වල ඇත්ත කතා කරන්න කොන්දක් තිබිච්ච නුවන් චින්තක සොහොයුරාට බැචාගේ ප්‍රණාමය
Thursday, July 5, 2012
දිව දෙකෙන් පාණාතිපාථා කීම
'පාණාතිපාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි' කියන්නේ බුද්ධ ධර්මයේ පලවෙනිම ශික්ෂා පදයනෙ. ඕකෙ කියන විදිහට සතෙක් මරන්න තියා සතෙක් මරන්න අනුබල දෙන එක පවා පාප කර්මයක්. මිනිහෙක් තියා හරකෙක්, කුකුළෙක් මරනවටවත් විරුද්ධයි අපේ මිනිස්සු. කොටින්ම කියනවානං, යුද්ධ තියන ජාතිය බුද්ධාගම ප්‍රතික්ෂේප කරනවා. මිනිහෙක් මරනවා තියා මිනිහෙක්ගේ හිත රිද්දනවත් එපා කියලයි බෞද්ධ දර්ශනයේ කියන්නේ. ඒත් ඒ දැහැමි කම විරුද්ධවාදියෙක් ඉස්සරහදි වෙනස් වෙනහැටි දැක්කම පුදුමත් හිතෙනවා ඇත්තට.
දැන් මේ පණ්ඩිත කතා කිව්වට, ඒ කාලේ හමුදාව උතුර නිදහස් කරගද්දි, ඒකට බැචාත් අත්දෙකම උස්සලා සහය දුන්නා. දහස්ගාණින් මැරෙන්නෙ ත්‍රස්තවාදීන් මිසක් සාමාන්‍ය මිනිස්සු නෙවේ කියලා බැචා බැචාටම කියාගත්තා. ත්‍රස්තවාදීන් කියන්නෙත් මිනිස්සු කියලා බැචාට මොහොතකට අමතක වුනා. කිලෝමීටර් විස්සක් ඇතුලෙ හිරවෙලා මිනිස්සු දුක්විදිද්දී, බැචාට හිතුනේ ඒ දුක ජයග්‍රහණයක් වෙනුවෙන් කරන්න ඕන කැපකිරීමක් කියලයි. හමුදාවේ අයියලා කැබිතිගොල්ලෑවේ සමූලඝාතනය වෙද්දි බැචාට දැනිච්ච දුක-සංවේගය, ආටිලරි වලට අහුවෙච්චි එල්.ටී.ටී.ඊ කාලකන්නින් ගැන ඒ කාලෙ බැචාට දැනුනෙ නැහැ.
හැබැයි දැන් හැරිලා බලද්දී, එහෙම නොවුනේ ඇයි කියල බැචාටම හිතෙනවා. රණවිරුවන්ට අපිහැමෝම ගරුකරනවා. ඒ ඔවුන් කරපු කැපකිරීම් වලට; බැචාලා වෙනුවෙන් කාපු කට්ටට. හැබැයි එල්.ටී.ටී.ඊ කාරයත් කැපකිරීම් ගොඩක් කරා -තමන් පෙනී හිටපු මතය වෙනුවෙන්. දෙගොල්ලොම කරේ මිනිස්සු මරන එක. හැබැයි අපි එක කොටසක් විතරක් සමරනවා. ඒකට හේතුව, එයාලා පෙනී හිටපු හේතුවල සාධාරණකමද? එහෙම නැත්තං ඒ හේතු අපේ විශ්වාස වලට අනුරූපි හින්දද? බැචාට හිතෙන්නේ වඩා ප්‍රබල දෙවැනි හේතුව කියලයි.
ඒ හැමදේටම වඩා බැචාට පුදුමයි සංඝයාවහන්සේලා යුද්ධෙකදී එක පැත්තකට හරි සහයෝගය දක්වන්නේ කොහොමද කියන කාරණේ ගැන! රණවිරුවන්ට සෙත්පතලා ආශිර්වාද කරද්දි, පින්කම් කරද්දී, හතුරෙක් උනත් මරන එක වැරදියි කියලා කට ඇරල කියන්න එක හිමිනමකට හරි බැරිවුනේ ඇයි? හමුදාවට විතරක් නෙවේ, එල්.ටී.ටී.ඊයටත්; ධර්මයට වඩා ආණ්ඩුවේ දේශපාලන මතය වැදගත් සාසනයක් තියෙන එකේ තේරුම මොකක්ද ඇත්තට? (ඕක අවිහිංසාව ගැන බණ කියන අනෙක් ආගම් වලටත් අදාලයි). එහෙම බලද්දී හන්දියක් හන්දියක් ගානේ යුද්ධෙට සෙත්පතලා බැනර් උස්සපු (බැචාත් ඇතුළුව) අපි හැමෝම කරලා තියෙන්නේ මිනිහෙක් මරන්න අනුබල දීම නෙවේද? ඉතිං ඒක වැරැද්දක් නෙවේද? බැචා අහන්නේ බුද්ධාගමේ තියෙන බොහොම පැහැදිලි ප්‍රශ්නයක්.
බැචා කියන්නේ නෑ ප්‍රභාකරන් හරියි කියලා. හැබැයි ප්‍රභාකරන් වගේම යුධ ජයග්‍රහණයේ ගෞරවය දිනන්න පොරකන මහින්ද මහත්තයයි, ෆොන්සේකා මහත්තයයි තුන්දෙනාම බුද්ධාගමේ කියලා තියෙන විදිහට පවුකාරයන් නෙවේද කියලා බැචාට හිතෙනවා. ඉතිං අන්තිමේට සදහන් කරපු උදවිය දෙන්නට සංඝරත්නය සෙත්පතන්නේ මොන පදනමෙන්ද කියන එක බැචාට ප්‍රශ්නයක්.
ඔය තුන්දෙනා විතරක් නෙවෙයි, මේරටේ මිනිස්සුන්ගේ ලේ වගුරන්න දිරිදුන්න බැචාලත් පවුකාරයෝ. හැබැයි තමන්ගේ වාසියට තමන් කරේ වැරැද්දක් කියලා නොතේරෙන බැචාලා ඔය හැමෝටම වඩා පවුකාරයෝ කියලයි බැචානං හිතන්නේ. නමුත්, මිනිස්සු කරන වැරදි මිනිස්සුන්ට තෝරලා බේරල දෙන්න ඉන්න ආගමික නායකයොත් නිහඩ වෙනවා තරම් පාපයක් තවත් ලෝකෙ තියෙනවද?
Wednesday, June 20, 2012
මේ සිංහල අපගෙ රටයි (?)!!!
ලිපියක් ලියලා සෑහෙන කාලෙකින් අලුත් ලිපි කිහිපයක් ලියන්න බැචාට හිතුනා. මේටික ලියන්න හිතුනේ ෆේස්බුක් එකේ, එළකිරි එකේ බැචා නිතර දෙවේලේ දකින දේවල්. මේ දවස්වල අන්‍යආගමිකයන්ට, අන්‍යජාතිකයන්ට විරුද්ධ සෑහෙන ප්‍රචාරයන්, උසිගැන්වීම් අන්තර්ජාලයේ වෙන බව බැචාට දැනිච්ච දෙයක්. මේක රටේ බහුතරයකගේ මතය නං, ඒ ගැන බැචාට ලොකු දුකක් තියෙනවා. මොකද බැචාට හිතෙන විදිහට මේක බොහොම අවාසනාවන්ත තත්වයක්.
ශ්‍රී ලංකාව කියන රට අර්ථදක්වන්නේ ඉංග්‍රීසින්. ඊට කලින් මේ දූපත එක රටක් විදිහට, එක පාලනයක් යටතේ දීර්ඝ කාලීනව පාලනය වුන බවට සාධක නැහැ. අනුරාධපුර රාජධානිය කිව්වට, අනුරාධපුරේ හිටපු රජවරුන්ට දකුණේ පාලන කටයුතු පිලිබද අධිකාරී බලයක් තිබ්බේ නැහැනෙ. රාජාවලියේ ඇතැම් රජවරුන්ට ඒ බලය තිබ්බා කියල ඉතිහාසයේ සදහන් වෙනවා. නමුත් ඒක දීර්ඝ කාලීනව තිබ්බ දෙයක් නෙවේ. ඉතිහාසය පුරාවට ලංකාවේ තැන් තැන් වල තිබ්බේ ප්‍රාදේශීය පාලනයන්. හයවන පරාක්‍රමබාහු රජුගෙ කාලය වෙනකම්ම රටේ විවිධ රාජ්‍යයන් තිබ්බ හැටි කවුරුත් අහල ඇතිනේ. ඒ කාලේ යාපනය රාජධානිය කියලා අවුරුදු හාරසිය ගාණක් පැරණි රාජධානියක් උතුරෙත් තිබිලා තියෙනවා(කියවලාම බලන්ඩකො විකිය http://en.wikipedia.org/wiki/Jaffna_kingdom). කැමති අය මූලාශ්‍ර පරිශීලනය කරල බලන්න.මේ සියළු රාජ්‍යයන් අත්පත් කරගෙන එක පාලනයක් යටතට ගේන්නේ ඉංග්‍රීසීන්.
ඔය විදිහට ඉතිහාසය විග්‍රහ කරන්න මිනිස්සු කැමති නැහැ. අපි කැමතියි හිතන්න රාජ්‍යය අඛන්ඩව තිබ්බ කියලා. හැබැයි ඒක එහෙම නැහැ. ඒකනේ රජවරුන්ගේ නම් ලැයිස්තුවට 'ශ්‍රී ලංකා රාජාවලිය' කියලා දාන්නේ නැතුව 'සිංහල රාජාවලිය' කියලා කියන්නේ. හැබැයි ඇත්තට ගත්තම ඔය රජවරු ගොඩදෙනෙක් ප්‍රාදේශීය පාලකයන්. මුළු රටම ඔවුන් පාලනය කරා කියලා කොහොමද කියන්නේ?
ඔහොම මිනිස්සු හිතන්න කැමති නැති හින්දයි 'සිංහල රට' කියලා අපි ව්‍යවහාර කරන්නේ. නමුත් යථාර්තවාදීව බැලුවම, මේ දූපතට එක අයිතිකාරයෙක් නැහැ කියලයි බැචාට හිතෙන්නේ. සිංහල මිනිස්සු බහුතරයක් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ රට අයිති සිංහලුන්ට විතරයි කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ නේද? දෙමළ මිනිසුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට 'අපේ රටෙන් පලයව්!' කියලා කියන්න අධිකාරයක් අපි කාටවත් නෑ. මොකද ඒ මිනිස්සුත් මේ රටේ අයිතිකාරයෝ. සමහරු මේ තර්කෙට උත්තරයක් වශයෙන් 'අපි රාවණාගෙන් පැවැත එන අය' කියල කියන්න පටන් අරන් තියෙනවා. බැචාට හිතෙන විදිහට, රටක් අයිති ඒ රටේ ජීවත්වෙන මිනිස්සුන්ට. මුලින්ම හිටියේ කවුද කියන එකේ ලොකු වැදගත්කමක් නැහැ. සමහරු ආක්‍රමණිකයන් විදිහට එන්න ඇති.තව සමහරු සංක්‍රමණය වෙන්න ඇති. එහෙම නැතුව ලෝකය බිහිවෙද්දි ලංකාවෙ වෙනම මිනිස්සු කොටසක් එක්ක ලෝකය බිහි වුණේ නැහැනේ. කොහොම ආවත්, රටක තීරණ ගන්න ඕන ඒ හැමෝගෙම සුබසිද්ධිය බලලයි. ඒ හැමෝටම මුළු රටම අයිතියි.
තව දෙයක්. අපේ රටේ චීනෙන් ආපු මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සු එකසිය ගාණක් හිටිය කියල චීන භාෂාව රටේ රාජ්‍ය භාෂාව කරන එක ප්‍රායෝගික නැහැනේ. හැබැයි දෙමළ-මුස්ලිම් ප්‍රතිශතය සැහෙන තරමේ එකක්. ඒකයි රටේ තීරණ වලට ඔවුනුත් වැදගත් වෙන්නේ. හැබැයි මෙහෙ 90%ක් සිංහල නං, ඔන්න කියන්න තිබ්බා මේක සිංහලයන්ගේ රට කියලා. එහෙම කියලා කරන්න ඕනේ අනික් මිනිස්සු රටෙන් පන්නන එක නෙවේනෙ!
මේ කරුණු වලට එකග නොවෙන අයත් ඇති. නමුත් බැචාට හිතෙන්නෙ 'සිංහල රට' කියන එකෙන් මිදිලා 'අපේ රට' කියන තැනට අපි ඉක්මනට යන්න වේවි. නැත්තං මහන්සි වෙලා ඉවර කරපු යුද්ධය ආයෙත් හිස ඔසවන එක වලක්වන්න අපි කාටවත් බැරිවේවි.
ශ්‍රී ලංකාව කියන රට අර්ථදක්වන්නේ ඉංග්‍රීසින්. ඊට කලින් මේ දූපත එක රටක් විදිහට, එක පාලනයක් යටතේ දීර්ඝ කාලීනව පාලනය වුන බවට සාධක නැහැ. අනුරාධපුර රාජධානිය කිව්වට, අනුරාධපුරේ හිටපු රජවරුන්ට දකුණේ පාලන කටයුතු පිලිබද අධිකාරී බලයක් තිබ්බේ නැහැනෙ. රාජාවලියේ ඇතැම් රජවරුන්ට ඒ බලය තිබ්බා කියල ඉතිහාසයේ සදහන් වෙනවා. නමුත් ඒක දීර්ඝ කාලීනව තිබ්බ දෙයක් නෙවේ. ඉතිහාසය පුරාවට ලංකාවේ තැන් තැන් වල තිබ්බේ ප්‍රාදේශීය පාලනයන්. හයවන පරාක්‍රමබාහු රජුගෙ කාලය වෙනකම්ම රටේ විවිධ රාජ්‍යයන් තිබ්බ හැටි කවුරුත් අහල ඇතිනේ. ඒ කාලේ යාපනය රාජධානිය කියලා අවුරුදු හාරසිය ගාණක් පැරණි රාජධානියක් උතුරෙත් තිබිලා තියෙනවා(කියවලාම බලන්ඩකො විකිය http://en.wikipedia.org/wiki/Jaffna_kingdom). කැමති අය මූලාශ්‍ර පරිශීලනය කරල බලන්න.මේ සියළු රාජ්‍යයන් අත්පත් කරගෙන එක පාලනයක් යටතට ගේන්නේ ඉංග්‍රීසීන්.
ඔය විදිහට ඉතිහාසය විග්‍රහ කරන්න මිනිස්සු කැමති නැහැ. අපි කැමතියි හිතන්න රාජ්‍යය අඛන්ඩව තිබ්බ කියලා. හැබැයි ඒක එහෙම නැහැ. ඒකනේ රජවරුන්ගේ නම් ලැයිස්තුවට 'ශ්‍රී ලංකා රාජාවලිය' කියලා දාන්නේ නැතුව 'සිංහල රාජාවලිය' කියලා කියන්නේ. හැබැයි ඇත්තට ගත්තම ඔය රජවරු ගොඩදෙනෙක් ප්‍රාදේශීය පාලකයන්. මුළු රටම ඔවුන් පාලනය කරා කියලා කොහොමද කියන්නේ?
ඔහොම මිනිස්සු හිතන්න කැමති නැති හින්දයි 'සිංහල රට' කියලා අපි ව්‍යවහාර කරන්නේ. නමුත් යථාර්තවාදීව බැලුවම, මේ දූපතට එක අයිතිකාරයෙක් නැහැ කියලයි බැචාට හිතෙන්නේ. සිංහල මිනිස්සු බහුතරයක් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ රට අයිති සිංහලුන්ට විතරයි කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ නේද? දෙමළ මිනිසුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට 'අපේ රටෙන් පලයව්!' කියලා කියන්න අධිකාරයක් අපි කාටවත් නෑ. මොකද ඒ මිනිස්සුත් මේ රටේ අයිතිකාරයෝ. සමහරු මේ තර්කෙට උත්තරයක් වශයෙන් 'අපි රාවණාගෙන් පැවැත එන අය' කියල කියන්න පටන් අරන් තියෙනවා. බැචාට හිතෙන විදිහට, රටක් අයිති ඒ රටේ ජීවත්වෙන මිනිස්සුන්ට. මුලින්ම හිටියේ කවුද කියන එකේ ලොකු වැදගත්කමක් නැහැ. සමහරු ආක්‍රමණිකයන් විදිහට එන්න ඇති.තව සමහරු සංක්‍රමණය වෙන්න ඇති. එහෙම නැතුව ලෝකය බිහිවෙද්දි ලංකාවෙ වෙනම මිනිස්සු කොටසක් එක්ක ලෝකය බිහි වුණේ නැහැනේ. කොහොම ආවත්, රටක තීරණ ගන්න ඕන ඒ හැමෝගෙම සුබසිද්ධිය බලලයි. ඒ හැමෝටම මුළු රටම අයිතියි.
තව දෙයක්. අපේ රටේ චීනෙන් ආපු මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සු එකසිය ගාණක් හිටිය කියල චීන භාෂාව රටේ රාජ්‍ය භාෂාව කරන එක ප්‍රායෝගික නැහැනේ. හැබැයි දෙමළ-මුස්ලිම් ප්‍රතිශතය සැහෙන තරමේ එකක්. ඒකයි රටේ තීරණ වලට ඔවුනුත් වැදගත් වෙන්නේ. හැබැයි මෙහෙ 90%ක් සිංහල නං, ඔන්න කියන්න තිබ්බා මේක සිංහලයන්ගේ රට කියලා. එහෙම කියලා කරන්න ඕනේ අනික් මිනිස්සු රටෙන් පන්නන එක නෙවේනෙ!
මේ කරුණු වලට එකග නොවෙන අයත් ඇති. නමුත් බැචාට හිතෙන්නෙ 'සිංහල රට' කියන එකෙන් මිදිලා 'අපේ රට' කියන තැනට අපි ඉක්මනට යන්න වේවි. නැත්තං මහන්සි වෙලා ඉවර කරපු යුද්ධය ආයෙත් හිස ඔසවන එක වලක්වන්න අපි කාටවත් බැරිවේවි.
Subscribe to:
Posts (Atom)