Monday, August 6, 2012

මුස්ලිම් මිනිසාගෙන් දික්කසාද වීම ගැනයි..


ෆේස්බුක් එකේ අන්ත ජාතීවාදී ප්‍රකාශන වලට බැචා විරුද්ධයි කියල කලින් දවසකත් කිව්වනෙ. ඉතිං එහෙම උනාට දිවා රෑ එහෙම දේවල් අනන්තවත් බැචාට දකින්න ලැබෙනවා. මේ පෝස්ට් එක දාලා තිබ්බෙ බැචාගෙ පා‍සැල් මිතුරෙක්.

බැලූ බැල්මට මේක ‍ෆේස්බුක් දාන්න ඕන දෙයක් නෙවේනේ. ගෑණුකෙනෙක් මුස්ලිම් මනුස්සයෙක් එක්ක ශරියා නීතිය යටතේ විවාහ වෙලා. ස්වාමියා තවත් විවාහයක් කරගන්න හදන කොට දික්කසාද වෙන්න පුළුවන්ද කියලා පත්තරේක නීති උපදෙස් දෙන කොලමකින් අහනවා.ඉතිං මේකෙ පින්තූරයක් අරන් ෆේස්බුක් දාන්න තරම් වදවෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ව හෙලා දකින්න කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. 

කොමෙන්ට් දාපු අය කතෘ‍ගේ අරමුණ හොදට ඉටුකරලා තියෙනවා. බලමුකො කොමෙන්ට් 

ටිකකුත්.


බැචාට හිතෙන විදිහට මේක සාමාන්‍ය පවුල් ප්‍රශ්නයක්. දෙමව්පිය අකමැත්තට විරැද්ධව විවාහවෙලා අසරණ වුනු කාන්තාවක්. මනුස්සයා ඉන්න බිරිදගේ විරුද්ධතාව මැද තව විවාහයක් කරගන්න හදන එක සාදාචාරාත්මක නැහැ (ශරියා නීතිය යටතේ දෙවෙනි විවාහයකට ඉන්න බිරිදගේ කැමැත්ත තියෙන්න ඕන බැචා දන්න විදිහට. නෛතික කරුණු ගැන ලොකු අවබෝධයක්නම් නෑ).

 ඒත් කොමෙන්ට් කියෙව්වම බැචාට කණගාටු හිතුනා කොමෙන්ට් දාපු අපේ බෞද්ධයෝ ගැන. අසරණ වෙච්ච ගැහැනියකට බැනලා, අවමන් කරලා සිංහල බෞද්ධයෝ අධම සතුටක් ලබන එකම ඛේදයක්.

මේ ප්‍රශ්නෙ මනුස්සයා මුස්ලිම් වෙච්ච සිද්ධ වුනු දෙයක්ද? නැත්තං මනුස්සකමක් නැති හින්ද උන දෙයක්ද? සිංහල මිනිස්සු ඔහොම වැරදි කරන්නෙම නැද්ද ඇත්තට? ඇයි එහෙනං මේකට විතරක් ලොකු අවධානයක්

?මේ කාන්තාව සිංහල මිනිහෙක් එක්ක විවාහ වෙලා ඉදලා, ඒ මනුස්සයා කාන්තාවගේ කැමැත්තෙන් පිටත වෙනත් කාන්තා ඇසුරක් පැතුවනම්, මේක මේ විදිහට  ෆේස්බුක් දාවිද? එහෙම උනානන්, ඒ කාන්තාවට "වේසි,බැල්ලි,.." වශයෙන් පරිභව කරලා කට්ටිය කොමෙන්ට් දාවිද?


මේ අසරණ වෙලා ඉන්නෙ තවත් කාන්තාවක්. ඇයට වෙච්ච දේ "හොද පාඩමක්" කියලා නිවට සතුටක් ලබනවා ගොඩ දෙනෙක්. ඒත් ඇත්තටම ඒ කාන්තාවට අනුකම්පාව නේද හිමිවෙන්න ඕන?

 මුස්ලිම් නොවී සිංහල උනත් මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕන. ඒ කතා කරන්න ඕන මේ ෆේස්බුක් පෝස්ට් එක දාපු කෙනා කරා වගේ පටු අර්ථෙකින් නෙවේ. කාන්තාවන්ට ආරක්ෂාව සපයන්න ඕන කියන පුළුල් අර්ථයෙන්.

වැරදිකරන්නෙ මුස්ලිම් මිනිස්සු; අපි හරි හොදයි කියලා හිතන් ඉන්න අය, ඉස්සෙල්ලා තමන්ගේ ඇහේ තියෙන පරාල ඇණේ ගලවල දාන්න ට්‍රයි එකක් දෙනවා නං වටිනවා කියලයි බැචා හිතන්නේ!

ආගම්වාද, ජාතිවාචද හින්දා රට අවුරුදු තිහක් දුක්වින්දා. අවුරුදු තුනක් යන්නත් කලින් ඒ දුක අමතක වෙච්ච හින්දද ආයෙත් එතැනට යන්න වලිකන්නෙ ඇත්තට?


* කොමෙන්ට් වල ඇත්ත කතා කරන්න කොන්දක් තිබිච්ච නුවන් චින්තක සොහොයුරාට බැචාගේ ප්‍රණාමය