ලිපියක් ලියලා සෑහෙන කාලෙකින් අලුත් ලිපි කිහිපයක් ලියන්න බැචාට හිතුනා. මේටික ලියන්න හිතුනේ ෆේස්බුක් එකේ, එළකිරි එකේ බැචා නිතර දෙවේලේ දකින දේවල්. මේ දවස්වල අන්‍යආගමිකයන්ට, අන්‍යජාතිකයන්ට විරුද්ධ සෑහෙන ප්‍රචාරයන්, උසිගැන්වීම් අන්තර්ජාලයේ වෙන බව බැචාට දැනිච්ච දෙයක්. මේක රටේ බහුතරයකගේ මතය නං, ඒ ගැන බැචාට ලොකු දුකක් තියෙනවා. මොකද බැචාට හිතෙන විදිහට මේක බොහොම අවාසනාවන්ත තත්වයක්.
ශ්‍රී ලංකාව කියන රට අර්ථදක්වන්නේ ඉංග්‍රීසින්. ඊට කලින් මේ දූපත එක රටක් විදිහට, එක පාලනයක් යටතේ දීර්ඝ කාලීනව පාලනය වුන බවට සාධක නැහැ. අනුරාධපුර රාජධානිය කිව්වට, අනුරාධපුරේ හිටපු රජවරුන්ට දකුණේ පාලන කටයුතු පිලිබද අධිකාරී බලයක් තිබ්බේ නැහැනෙ. රාජාවලියේ ඇතැම් රජවරුන්ට ඒ බලය තිබ්බා කියල ඉතිහාසයේ සදහන් වෙනවා. නමුත් ඒක දීර්ඝ කාලීනව තිබ්බ දෙයක් නෙවේ. ඉතිහාසය පුරාවට ලංකාවේ තැන් තැන් වල තිබ්බේ ප්‍රාදේශීය පාලනයන්. හයවන පරාක්‍රමබාහු රජුගෙ කාලය වෙනකම්ම රටේ විවිධ රාජ්‍යයන් තිබ්බ හැටි කවුරුත් අහල ඇතිනේ. ඒ කාලේ යාපනය රාජධානිය කියලා අවුරුදු හාරසිය ගාණක් පැරණි රාජධානියක් උතුරෙත් තිබිලා තියෙනවා(කියවලාම බලන්ඩකො විකිය http://en.wikipedia.org/wiki/Jaffna_kingdom). කැමති අය මූලාශ්‍ර පරිශීලනය කරල බලන්න.මේ සියළු රාජ්‍යයන් අත්පත් කරගෙන එක පාලනයක් යටතට ගේන්නේ ඉංග්‍රීසීන්.
ඔය විදිහට ඉතිහාසය විග්රහ කරන්න මිනිස්සු කැමති නැහැ. අපි කැමතියි හිතන්න රාජ්‍යය අඛන්ඩව තිබ්බ කියලා. හැබැයි ඒක එහෙම නැහැ. ඒකනේ රජවරුන්ගේ නම් ලැයිස්තුවට 'ශ්‍රී ලංකා රාජාවලිය' කියලා දාන්නේ නැතුව 'සිංහල රාජාවලිය' කියලා කියන්නේ. හැබැයි ඇත්තට ගත්තම ඔය රජවරු ගොඩදෙනෙක් ප්‍රාදේශීය පාලකයන්. මුළු රටම ඔවුන් පාලනය කරා කියලා කොහොමද කියන්නේ?
ඔහොම මිනිස්සු හිතන්න කැමති නැති හින්දයි 'සිංහල රට' කියලා අපි ව්‍යවහාර කරන්නේ. නමුත් යථාර්තවාදීව බැලුවම, මේ දූපතට එක අයිතිකාරයෙක් නැහැ කියලයි බැචාට හිතෙන්නේ. සිංහල මිනිස්සු බහුතරයක් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ රට අයිති සිංහලුන්ට විතරයි කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ නේද? දෙමළ මිනිසුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට 'අපේ රටෙන් පලයව්!' කියලා කියන්න අධිකාරයක් අපි කාටවත් නෑ. මොකද ඒ මිනිස්සුත් මේ රටේ අයිතිකාරයෝ. සමහරු මේ තර්කෙට උත්තරයක් වශයෙන් 'අපි රාවණාගෙන් පැවැත එන අය' කියල කියන්න පටන් අරන් තියෙනවා. බැචාට හිතෙන විදිහට, රටක් අයිති ඒ රටේ ජීවත්වෙන මිනිස්සුන්ට. මුලින්ම හිටියේ කවුද කියන එකේ ලොකු වැදගත්කමක් නැහැ. සමහරු ආක්‍රමණිකයන් විදිහට එන්න ඇති.තව සමහරු සංක්‍රමණය වෙන්න ඇති. එහෙම නැතුව ලෝකය බිහිවෙද්දි ලංකාවෙ වෙනම මිනිස්සු කොටසක් එක්ක ලෝකය බිහි වුණේ නැහැනේ. කොහොම ආවත්, රටක තීරණ ගන්න ඕන ඒ හැමෝගෙම සුබසිද්ධිය බලලයි. ඒ හැමෝටම මුළු රටම අයිතියි.
තව දෙයක්. අපේ රටේ චීනෙන් ආපු මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සු එකසිය ගාණක් හිටිය කියල චීන භාෂාව රටේ රාජ්‍ය භාෂාව කරන එක ප්‍රායෝගික නැහැනේ. හැබැයි දෙමළ-මුස්ලිම් ප්‍රතිශතය සැහෙන තරමේ එකක්. ඒකයි රටේ තීරණ වලට ඔවුනුත් වැදගත් වෙන්නේ. හැබැයි මෙහෙ 90%ක් සිංහල නං, ඔන්න කියන්න තිබ්බා මේක සිංහලයන්ගේ රට කියලා. එහෙම කියලා කරන්න ඕනේ අනික් මිනිස්සු රටෙන් පන්නන එක නෙවේනෙ!
මේ කරුණු වලට එකග නොවෙන අයත් ඇති. නමුත් බැචාට හිතෙන්නෙ 'සිංහල රට' කියන එකෙන් මිදිලා 'අපේ රට' කියන තැනට අපි ඉක්මනට යන්න වේවි. නැත්තං මහන්සි වෙලා ඉවර කරපු යුද්ධය ආයෙත් හිස ඔසවන එක වලක්වන්න අපි කාටවත් බැරිවේවි.
මුල් කාලේ මේ රටේ සිංහල ප්‍රතිශතය 90%ක් වගේ තමා.. නමුත් මුස්ලිම් ජනගහනය පාලනය නොකිරීම නිසා සිංහල ජාතිය සුළු ජාතියක් වීමේ දැඩි අවදානමක් තියෙනවා.. කවදා හරි මේ රට මුස්ලිම් කොලනියක් උන දාට උබම මේ වගේ බ්ලොග් පෝස්ට් දාන්න හම්බෙන්නේ නැ මේ රට හැමෝටම අයිතියි කියලා.. බුරුමය උදාහරණයකට ගන්න. මම වැරදි නම් ඔප්පු කරලා පෙන්නන්න.
ReplyDeleteකනිශ්ක කොල්ලො මුල් කාලෙ සීයට අනූවක් සිංහල කියල ෂුවර්ද?අද සිංහල කියල හදුන්වන ගොඩක් දෙනා දකුනු ඉන්දියාවෙන් සංක්‍රමනය වුන ද්‍රවිඩයෝ කියල දන්නවද?90% ඉලක්කම කොල්ලා කොහෙන්ද හොයාගත්තෙ?දෙන්න පුලුවන්ද මූලාශ්‍රයක්?කොල්ලා දන්නවද 1920 ගනන් වෙනකොට ත්‍රිකුනාමලයෙ හිටියේ සිංහල මිනිස්සු සියයට 4 කියල?අද 33.අම්පාරත් ඒ කාලෙ අති බහුතරය දෙමල පලාතක්කියල දන්නවද?දැන් ඒවයේ සියයට තිස් ගනනක් සිංහල.බලද්දි කොල්ලො සිංහල අයනෙ ව්‍යාප්ත වෙලා තියෙන්නෙ.මුස්ලිම් අය නෙමෙයිනෙ.කොල්ල ෂර්ට් එකක් ඇන්දට තාම ඉන්නෙ ගෝත්‍රික යුගයෙ වගේනෙ.දුක තමයි රංජනී!!!
Delete- සිරි සමන්තභද්‍ර
Ano 1
Delete"අද සිංහල කියල හදුන්වන ගොඩක් දෙනා දකුනු ඉන්දියාවෙන් සංක්‍රමනය වුන ද්‍රවිඩයෝ කියල දන්නවද?"
දන්නේ නෑ නේ .... කොහෙද එහෙම කියල තියෙන්නේ ? මුලාශ්‍ර පෙන්නන්න ...
ඉංග්‍රීසින් මේ රටේ පාලන බලය තියාගන්න කරපු දෙයක් තමය සමහර පැති වලින් සිංහලයන් පලවා හැරලා වෙනත් ජාතීන්පදිංචි කිරීම .. 1920 දී විකුර්ති ඇතිවීමට ප්‍රදාන හේතුවක් ඒක...
මුස්ලිම් බහුතරය උනු දාට මේ සුරංගනා කතා කිවුවා කියලා රටේ සාමදානෙන් ඉන්න හම්බෙන්නෙ නෑ..රාජ්‍ය ආගම ඉස්ලාම් කරාවි.. ඉතුරු බෞද්ධ පුදබිම් විනාස කරාවි.. රාජ්‍ය භාෂාව අරාබි. එතකොට මේ කාටවත් මෙහෙම නිදහසේ අදහස් දක්වන්න ලැබෙන එකක් නැ.. මේ හැම දේම කුරානයේ හොඳට තියෙනවා.. නොදන්නවා නම් දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න.
ReplyDeleteදන්න ඔබ තුමාම අපට කියලා දෙන්ඩකො...ලන්කාවෙ මුස්ලිම් මිනිස්සුන්ටවත් අරාබි කතාකරන්ඩ බෑ රජ්‍ය බාසාව කරන්ඩ උම්බට පිස්සුද හැටිද
Deleteමේ සහෝදරයා අදහස් දක්වන විදිහෙන් පේන්නේ බලහත්කාරකමකින් රටක ජන සංයුතිය වෙනස් කරන් එක වැරදියි කියලනේ. මම අහන්නෙ බොහොම සරල දෙයක්. රටේ බහුතරය සිංහල කරන අරමුණින් ඒ දේ කරන එක හරිද? ඒකත් වැරදියි. අන්න ඔය සරල කාරණයයි මේ පෝස්ට් එකේ තියෙන්නේ.
ReplyDeletelol. machan, agam sahajeewanaya, jatheen athara sahajeewanaya kiyana wachana tikawath ubalata katha karanna wenne naha muslim jathiya me rate pradhana jathiya wechcha daka. ewata udaharana onama nam apita ahala pahala ratawal walin ona thaam hoya ganna puluwan. pora wenna muslim ayata wirudhdhawa katha karana ekayi, pora wenna agam sahajeewanaya gana katha karana ekayi dan wahi wahala blogs wala. anna eka nawaththala aththa prashneta muna dena ekata lasthi unanam thama honda. mama dakina widihata eka muslim agamama neme muslim wyapthawadaya.
ReplyDeleteDan mey Sahodaraya kiyanne mey rate muslim bahutharayak unoth, sulu jathika awashyatha gana katha karanna idak ne kiyalane. sahodarayama piligannawane ehema deyak wena eka waradi kiyala.ekai sahodarayage principle eka.
DeleteIthin e dema newda ada sinhala bahutharayak inna thathwayak uda wela thyenne? Ithin sahodarayage principle eka anuwa dan thathweth waradine? Ei eka sahodarayata penne nette? hethuwa sahodaraya muslim nowi sinhala weema neda? okata kiyanne jathiwadayada manda lol
@ annonymous - ඉතින් කොල්ලො මුස්ලිම් අය මහ ජාතිය වෙන්නෙ කොහොමෙයි?ඒකට එයාලට සෑහෙන ගේමක් දෙන්න වෙනව.තාම ඉන්නෙ සීයට 7 8 ක් නෙ.සිංහල අය ඉන්නව සීයට 75 විතර.එක මුස්ලිම් ලමයි 20 30 වදල ලොකු ට්‍රයි එකක් දුන්නොත් පුලුවන් මහ ජාතිය වෙන්න.දැන් මුස්ලිම් ජනගහනය ව්‍යාප්ත වෙනව කියල ඔයාල නහයෙන් අඩනවනෙ.ඉතින් කොල්ලො මොනව කරන්නද ඒකට ඒ අයට බැනල හරියනවද?උන් ලිංගික වැඩේ කොරනව.අපිට කියන්න පුලුවන්ද කාටවත් ලිංගික වැඩේ කොරන්න එපා කියල.ඉතින් සිංහල ජාතිය ගැන ඔච්චර කැක්කුම නම් කොල්ලටත් තියෙන්නෙ අර කනිෂ්ක කොල්ල එක්ක සෙට් වෙලා වැඩි වැඩියෙන් සෙක්ස් කොරන එක.ලමයි 20 30 මායියත් එක්ක හදන එක.අන්න එතකොට කොල්ල ජනගහන ව්‍යාප්තිය පාලනය කොරන්න වැදගත් මෙහෙයක් ඉටු කලා කියල කිව හැකියි.තමුන් සෙක්ස් නොකර සෙක්ස් කරන උන්ට ඊරිසියාවෙන් පැලිපැලී මුස්ලිම් අය මහජාතිය වෙයි කියල බය වෙලා ඉන්න එක කොල්ලගෙ පිරිමිකමට හරි නැහැ නේද?දැන් මම නම් මේ වංගියෙ ඉන්නෙ සකෘද්ධාගාමී වෙලා.නැත්තං මටත් තිබුන සිංහල ජාතිය ව්‍යාප්ත කරන වැඩේට එන්ටර් වෙන්න.ඒත් සකෘද්ධාගාමි වුනාට පස්සෙ කොල්ලො ගැහැනු දැක්කට උත්තේජනයක් එන්නෙ නැහැ නෙව.ඒ හින්ද මම පැත්තකට වෙලා ඉන්නම්.කොල්ලා සිංහල ජාතිය බෝ කරන්න වැඩ කරා නම් මොකද ආඩිපාලි කිය කියන නොඉද?
Delete- සිරි සමන්තභද්‍ර
දැන් උන්නැහේ කියන්නෙ මොකද්ද?
ReplyDelete"සිංහල මිනිස්සු බහුතරයක් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ රට අයිති සිංහලුන්ට විතරයි කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ නේද?"
කවුද කියන්නෙ මේක සිංහලයන්ට විතරක් අයිතියි කියල? සිංහලයො එහෙම කියන නිසා කෑල්ලක් දීපියව් කියල නම් කියන කට්ටියක් ඉන්නව
"එහෙම මිනිස්සු එකසිය ගාණක් හිටිය කියල චීන භාෂාව රටේ රාජ්‍ය භාෂාව කරන එක ප්‍රායෝගික නැහැනේ."
දැන් දෙමල බාසාව රාජ්‍ය බාසාවක් නෙවෙයි ද? බැචාට තිනේනෙ හිකේ මවා ගත්තු පුරස්න.
"ඒකයි රටේ තීරණ වලට ඔවුනුත් වැදගත් වෙන්නේ"
ගෝත්රවාදී දේශපාලනේ නැතුව රට වෙනුවෙන් කතා කරන සුලු ජාතික පක්ෂ නම් කොරන්ඩ බලන්න
හරි සුලු පක්ෂ අතාරිමු උන් ඔක්කම හොද නෑ දැන් මෙ මහා පක්ෂ සින්හල පක්ෂ ගැන මොකද කියන්නෙ උනුත් එකයිනෙ බන්
Delete1. රට සිංහලයන්ට අයිතියි කියන ප්‍රකාශයෙන් රට සුළු ජාතීන්ට අයිති නෑ කියන එක ගම්‍ය වෙනවනේ ඇනෝනිමස් උන්නැහේ. රටේ අයිතියක් තමන්ට නැති හින්ද නේද ඒ මිනිස්සු 'තමුන්ට අයිති රටවල්' හදන්න කතා කරන්නේ?
Delete2. දැන් දෙමළ භාසාව රාජ්‍ය භාෂාව තමයි. හැබැයි අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑනේ. 56' දී බණ්ඩාරනායක උන්නැහේ 'සිංහල පමණයි' කියද්දි අත් දෙකම උස්සල 'එහෙයි' කියද්දි තමා ඕව හිතන්න තිබ්බේ.
3. සුළු ජාතික අයිතීන් ගැන සැබෑ උවමනාවෙන් කතා කරන සිංහල නායකයො නම් කොරන්න බලන්න. මහජාතිය විදිහට අපෙන් වැරැද්දක් උනා. ඒක අපියි හරිගස්සන්න ඕන. සුළුජාතිකයන් ඇවිත් හරිගස්සල යකනං බලන් ඉන්න එක විහිළුවක්.
එංගලතෙය් කැනඩාවය් රැජිනට අයිතිය් කිව්වට එරෙහිව කෑගහන්නේ නැති එකේ ලංකාව සිංහලයන්ට අයිති කිව්වට කෑගහන්නේ ඇයි ... ඔව්වද දෙමල ජනතාවට තියෙන දැවෙන පරශ්න ?
ReplyDeleteඑංගලන්තේ රුජිනට අයිතියි කියන එකේ අදාලත්වයක් නෑ නේද මේකට මහාචාර්යතුමනි? එංගලන්තේ පුරවැසියො හැමෝටම ඒ රට අයිතියි කියලා පිලිගන්නවනේ. ඒත් අවුරුදු හයසීය ගානක් මෙහෙ හිටපු දෙමළ ජාතිකයන්ට මේ රට අයිති නෑ කියන එක 'මේක සිංහල රට' කියන ප්‍රකාශයෙන් ගම්‍ය වෙනවා නේද?
Deleteඕකත් දැවෙන ප්‍රශ්නයක් තමා. ආයේ අවකලනය කර කර බලන්න දෙයක් නෑ. බොහොම සරලයි.
අඛන්ඩව සිංහල රාජ වංශය නොපැවතුන බව කියන්නෙ කරුණු නොදැන.සමහර විට දකුනෙ වෙනම පාලනයක් තිබුන කියල කියන්න වුවමනාවක් ඇති.ඒත් රුහුණු මායා පිහිටි කියල රට පරිපාලන බෙදීමක් තිබුණා.රුහුණෙ පාලකයා තමයි මායා රටේ පාලකය ලෙස උසස්වීම් ලබන්නෙ.මායා රටේ පාලකය රජරටේ පාලකය ඒ කියන්නෙ මහරජු බවට පත් වෙනවා.අද දකුණ කියන ප්‍රදේශය එදා නමොදියුණු දුෂ්කර ප්‍රදේශයක්.මහා පරාක්‍රමබාහු කියනව මම කුමකට මේ දුෂ්කර ග්‍රාමයේ සිටින්නෙම්ද මා වහාම මායා රටට යාඅ යුතුයි කියල.දකුණේ ප්‍රදේශවාදයක් හදන්න යන බැචා හත් පොලේ ගාගෙන සුද්දන්ට ක්‍රෙඩිට් එක දීල රටේම කීර්තිය වනසල.අනෙ අප්පේ දකුණෙ බැචා
ReplyDeleteඅඛන්ඩව සිංහල රාජ වංශය නොපැවතුන බව කියන්නෙ කරුණු නොදැන.සමහර විට දකුනෙ වෙනම පාලනයක් තිබුන කියල කියන්න වුවමනාවක් ඇති.ඒත් රුහුණු මායා පිහිටි කියල රට පරිපාලන බෙදීමක් තිබුණා.රුහුණෙ පාලකයා තමයි මායා රටේ පාලකය ලෙස උසස්වීම් ලබන්නෙ.මායා රටේ පාලකය රජරටේ පාලකය ඒ කියන්නෙ මහරජු බවට පත් වෙනවා.අද දකුණ කියන ප්‍රදේශය එදා නමොදියුණු දුෂ්කර ප්‍රදේශයක්.මහා පරාක්‍රමබාහු කියනව මම කුමකට මේ දුෂ්කර ග්‍රාමයේ සිටින්නෙම්ද මා වහාම මායා රටට යාඅ යුතුයි කියල.දකුණේ ප්‍රදේශවාදයක් හදන්න යන බැචා හත් පොලේ ගාගෙන සුද්දන්ට ක්‍රෙඩිට් එක දීල රටේම කීර්තිය වනසල.අනෙ අප්පේ දකුණෙ බැචා
ReplyDeleteවාසනා මහත්තයෝ අනුරාධපුරේ මුල් කාලයේ ඔය කියන විධිමත් බෙදීම තිබ්බද? පොළොන්නරුවෙන් පස්සේ තිබ්බද? අපි මේ කතාකරන්නේ අවුරුදු දෙදාස් ගාණක් ගැන. ඔබ කියන ඒකීයත්වය යම් කාලපරිච්ඡේදයක තියෙන්න ඇති. ඒක අඛණ්ඩ නැහැ. පොලොන්නරුවෙන් පස්සේ කොහොමටවත් නැහැ.
Delete