Saturday, April 30, 2011

බැං කිං මූන් එල්ලා මරමු (ද?)!!!

යුධ අපරාධ ගැන ආයෙත් කතා කරන්න පටන් අරං. අපේ රටේ කාටවත් ප්‍රශ්නයක් නොවිච්ච යුධ අපරාධ , ජාත්‍යන්තරයට මෙචචර ප්‍රශ්නයක් උණේ කොහොමද කියන එක සමහරුන්ට ලොකු ප්‍රශ්නයක්. ඒකෙත් ඇත්තක් නැත්තෙම නෑ. හැබැයි ඔය කියන අපරාධ සිංහල මිනිස්සුන්ට එරෙහිව සිද්ධ උණානං, අපේ මිනිස්සු කටවහං ඉදීද කියන ප්‍රශ්නෙ බැචාට තියෙනවා. මොනව උණත්,live @ 8 එකෙන් පෙන්නපු ලස්සන දර්ශන ටික හැරුණම යුද්ෆධදි උණේ මොනවද කියල අපි කවුරුත් දැක්කෙ නෑ. ඉතිං ඒ ගැන හරි නිගමනයකට එන්න මේ රටේ කිසිම මිනිහෙක්ට පුළුවන් කමකුත් නෑ. හැබැයි, එහෙම දෙයක් වෙලා තියෙනවනං මොන තත්වයක් යටතේ වුණත් ඒක සාධාරණියකරණය කරන්න යන එක මිනිසත්කමට නිගා දෙන වැඩක් කියලයි බැචා හිතන්නේ. මොකද එතන හිරවෙලා හිටියෙත් බැචාලා, බැචීලා වගේ සාමාන්‍ය ගෑණු, මිනිස්සු.බැචාගේ ලිපියේ අරමුණ ඒ ගැන නිගමන ඉදිරිපත් කරන එක නෙවේ. බැචාට හිතුණු, ගොඩදෙනෙක්ට නොහිතුණු යමක් ගැන කතා කරන්නයි.

බෑන් කීන් මූන් මහත්තයගෙ වාර්තාවෙන් රට ඇතුලෙ වැඩිම දේශපාලන වාසියක්  අත්වෙන්නෙ කාටද?UNP එකටද? JVP එකටද? නැත්තන් දෙමළ සංවිධානයටද? බැචාට නං හිතෙන්නෙ ඒ කාටවත් වඩා වාසියක් මහින්ද මහත්තයට අයිති වෙනවා කියලයි. සෑහෙන කාලයක් යුධ ජයග්‍රහණත් එක්ක මහින්ද මහත්තයා ලංකාවේ බහුතර සිංහල ජනතාවගේ දේශපාලන වීරයා විදිහට වැජඹුණා. ඒත් එන්න එන්න, ඒ ජනප්‍රසාදයේ අඩුවීමක් මිස වැඩිවීමක් තිබ්බෙ නෑ. මේකට හේතුව අනෙක් හැම ගින්නටම වඩා ලොකු කුසගින්න වෙන්න පුළුවන්. තව හේතුත් තියෙන්න ඇති.

මිනිස්සුන්ගේ මූලික ගති ලක්ෂණයක් තමා කාණ්ඩ ගැහෙන එක. ඒ හැම කාණ්ඩෙකටම වඩා ප්‍රබලයි ජාතික පදනමෙන්(රටවල් විදිහට) කාණ්ඩ ගැහෙන එක. මොකද, භූ ගෝලීය සාධකත් කාණ්ඩ ගැහිල්ලට උදව්වක් වෙන හින්දා. ඕනම මිනිහෙක් තමන්ගේ කාණ්ඩෙට තර්ජනයක් ආවහම, තමන්ට තර්ජනයක් ආවට නොදෙවෙනි විදිහට කටයුතු කරනවා. ඒකයි මිනිස් ස්වභාවය*. මහින්ද මහත්තයා යුද්ධය පුරාවට පාවිච්චියට ගත්තෙත් ඔය සංසිද්ධියම තමයි. හරි උනත්, වැරදි උනත් තමන්ගේ ජාතියට ප්‍රශ්නයක් තියෙනවනං,රාජ්‍යයට ප්‍රශ්නයක් තියෙනවනං, මිනිස්සු තමන්ගේ රාජ්‍යයේ පැත්ත ගන්න එක සාමාන්‍ය දෙයක්. මැතිවරණ කාලෙ පුරාවට මහින්ද මහත්තයා පෙනී හිටියෙ ලංකා රාජ්‍යයේ භෘරකාරයා විදිහට. ඉතිං 60% + ඡන්ද හම්බ වුන එකේ පුදුමයක් නෑ(රාජ්‍යයේ සහ ආණ්ඩුවේ ඇති වෙනස අපේ මිනිස්සුන්ට නොතේරීම වෙනමම කතා කල යුතු ප්‍රශ්නයකි).

නමුත් දැන් තත්වෙ වෙනස්. LTTE සංහාරයෙන් පස්සේ  'ලංකා රාජ්‍යය‍ට' කලින් තිබ්බ වගේ මහ විශාල තර්ජනයක් නෑ. මිනිස්සුන්ට කලින් තිබ්බ උත්තේජකය නැති වෙලා. ඒ හින්ද තමයි ටිකින් ටික බඩගින්නේ, විරුකි‍යාවේ වේදනාවල් දැනෙන්න පටන් ගන්නෙ. ඉතිං මේ වගේ වෙලාවක බූන් මහත්තයා කරල දීල තියෙන්නේ කියලවත් කරගන්න අමාරු වැඩක්. ආයෙ පාරක් යුධ අපරාධ ගැන කතා කරන්න පටන් අරං. දැන් ආයෙත් පාරක් ලංකා ආණ්ඩුව රටට තර්ජනයක් තියනවා කියලා වමාර වමාර කියන්න පටන් අරං. විවිධ හේතු නිසා ආණ්ඩුවෙන් වෙන්වෙලා හිටපු ජනතාව ආයෙ පාරක් 'කාණ්ඩ ගස්සන්න'රජය මේ දවස්වල කැත උත්සාහක යෙදෙනවත් බැචාට පේනවා. (මහනුවර/කොළඹ නගර සභා මැතිවරණ ලගදීම තියන්නත් බැරිකමකුත් නෑ දැන්). ඒ උත්සාහය අනිවාර්යයෙන් සාර්ථක වෙනවාටත් කිසි සැකයක් නෑ. ඉතිං, බැන් කීන් මූන් මහින්ද මහත්තයට දේශීය දේශපාලන කරලියේ සෙල්ලම් කරන්න තවත් අවස්ථාවක් දීල කියන එක ඇත්තක් නෙවේද?

බැචා මේ කතා කරන්නෙ ප්‍රශ්නයේ එක පැති කඩක් ගැන විතරයි. තවත් පැති ගොඩක් තියෙනවා. නමුත් ඇත්තටම එහෙම වැරැද්දක් වෙලා තියෙනවනං, ඒ වැරදිකාරයෝ  දේශීය අධිකරණය ඉස්සරහට පමුණුවලා නිසි දඩුවම් දෙන්න ඕනෙ කියලයි බැචාට හිතෙන්නේ. ගිය අවුරුද්දේ පේරාදෙණිය‍ට ආපු S.B මහත්තයට ශිෂ්‍යයෝ ගල් ගැහුවා කියලා ඒ ශිෂ්‍යයන්ව හිරේ දැම්මා. එතකොට ඒ ශිෂ්‍යයන්ව නිදහස් කරන්න කියලා සමහර බැචාලා 'අරගල' කරා. සාධාරණ දඩුවමකට එරෙහිව එහෙම බැචාලා පාරට බැහැපු එක වැරදියි කියලා සමහරු බණ කිව්වා. එහෙම බණ කියපු අයම, සාධාරණත්වය වෙනුවෙන් යුද්දෙදි වැරදි කරපු අය ගැන කතා නොකරන එක කොච්චර උපහාසාත්මකද?

*වැඩි විස්තර සදහා මහාචාර්ය ඩෙස්මන් මොරිස්ගේ 'නිරුවත් වානරයා' කියවන්න


2 comments:

  1. පිස්සුද ලංකාවෙ කොහෙද අපරාද වෙන්නේ? මුං විහින් මැරෙන්න ඇති!

    ReplyDelete
  2. මේ සිද්දියෙදි දේශපාලන වාසිය තියෙන්නෙ රජයට කියන එක නම් හරියටම හරි . හැබැයි ඉතින් සහෝ යුද්දයක් කරන්න අමාරුයි මානව හිමිකම් රැකගෙන . ඔය කවරු කවුරුත් කරන යුද්ධ එහෙම තමා ඒ අය ගැන මොන කමිටුවක් වත් නැතුව අපේ ඒවම හොයන්න එන්නේ තමන්ට හිතවත් නොවන නායකයෙක් ඉන්න සහ තම්න්ට බලනොපාන රටක් නිසා .අනික අපේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිවල වැරැද්ද . කොටින්ම ඔය යුද්දෙ ඔය විදිහටම කලේ රනිල් මහත්තයා නම් ( රනිල් මහත්තයා ලෙසියෙන් යුධ ක්‍රියාමාර්ගෙකට යන කෙනෙක් නෙවෙයි ) ඔය කමිටු මොකුත් නැ . සමහර විට ත්‍රස්තවාදය පරාජය කලාය කියල හෙන සම්මානෙකුත් දෙයි . ඔන්න ඔහොමයි වැඩේ යන්නෙ(මට හිතෙන විදිහට ) .

    මගේ අවංකම අදහස ඔය ප්‍රශ්නේ යුද්ධයකින් තොරව කලා නම් හොඳයි කියන එක , අපේ "දේශප්‍රේමීන්" ඒ වැඩේ කරගෙන යන්න ඉඩ දුන්නෙ නැනේ,( කොටිත් සාම වැඩේට අකමැතියි කියන එක 2005 චන්දෙදි ඔප්පු උනා ) මහින්ද මහත්තයත් ඒ වැඩේට උත්සහ කලා . ඒත් රනිල් මහත්තය එක්ක හිටපු විදේශ බලවේග මහින්ද මහත්තයට කලමණාකරනය කරගන්න බැරි වුනා . අන්තිමේදි රටේ සිවිල් වැසියො තොග පිටින් මරන්න , හමුදාපති ,ආරක්ෂක ලේකම් වගෙ අය ඉලක්ක වෙන්න පටන් ගත්තාම වෙන විකල්පයක් ඉතුරුවෙලා තිබුනෙ නැ .

    කොහොම හරි මහින්ද මහත්තය පටන් ගත්ත යුද්දේ ඉවර කලා . දැන් ඉතින් ඒකෙ කුණු හොයන එක වැඩකට ඇති වැඩක් නෙවෙයි , හැබැයි ඉතින් ඔය එක්සත් ජාතින්ගේත් , අනික් රටවලත් හිත සතුටු වෙන විදිහේ අභ්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගත්තා නම් හරි . ඒ වගේ දේකට ගියා නම් ඔය කමිටු පත්වෙන්නෙ නැතිවෙයි , බලමු මොකෝ වෙන්නෙ කියල

    ReplyDelete