Monday, February 4, 2013

කොහෙ තියෙන නිදහසක්ද යකෝ?

හැමෝටම අද හරි ආතල්. නිදහස් දිනය. ගූගල් එකේ ඩූඩල් එකකුත් දාලා. ඒකේ ආතල් එක විඳින අතරේ බැචාට ප්‍රශ්නයක් ආවා; මොනවද අපි මෙච්චර උඩදාගෙන සමරන්නේ? නිදහස? කොහෙ තියෙන නිදහසක්ද?

හතලිස් අටේ පෙබරවාරී හතර අපි සුද්දොන්ගෙන් නිදහස ලැබුවලු. එච්චරකල් අපිව පාලනය කරේ සුද්දෝ. එතනින් පස්සේ අපිව පාලනය කරගන්න බලය අපිටම ලැබුණා. ජනතා පරමාධිපත්‍යය කියන්නේ ඕකටනේ. ඇමතිලා මන්ත්‍රිලා පත්කරන්නෙ අපි. ඉතිං පොතේ හැටියට අපි පාලනය කරන්නේ අපි විසින්මයිනේ. ඕකට තමා අපිට නිදහස ලැබුනා කියලා කියන්නේ.

හැබැයි රටේ සාමාන්‍ය මිනිහට ඕන විදිහටද රට යන්නේ කියන එක අද ලොකු ප්‍රශ්නයක්. සාමාන්‍ය මනුස්සයට ඕනෙ නැති මහල් ප්‍රාසාද, කාර් රේස්, අභ්‍යවකාශ ගවේෂණ වලට මුදල් ටික වෙන් වෙද්දී, මිනිස්සුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ටික, සෞඛ්‍ය අවශ්‍යතා ටික බල්ලට ගිහින්. මිනිස්සු ගැන හොයන්න තියෙන පොලීසිය පගාවට යටවෙද්දී සාධාරණයට පෙනී හිටින අධිකරණය වලපල්ලට ගිහින්. බඩු මිල අහස උසට. ගෑස් එකේ ගාන රුපියල් සීය දෙසීයකින් වැඩි වෙද්දී, පඩිය රුපියල් විස්සකින්වත් වැඩි වෙන්නේ නෑ. රට හැමතැන බදු; විනෝද බද්දෙන් නවතින්නේ නැතුව ගෙදර මිදුල හාරලා ගන්න වතුර ටිකටත් බදු ගහලා.

සුද්දෝ ඉද්දිත් පාරවල්, රේල් පාරවල් හැදුවා බොල. ඒත් උන් අපේ මිනිස්සු-උන්ගේ ඕනකං මායිම් කරේ නෑ. ඒකයි අපිට නිදහසක් ඕන උනේ. ඒත් හත්වලාමේ දැන් ඉන්න තකතීරුවෝ ඒවා මායිම් කරනවද? නෑ නේද? එහෙනං කොහෙ තියෙන නිදහසක් ගැනද උඹලා උදම් අනන්නේ?

අපි නිදහස්ද නැද්ද කියන දේ තීරණය කරන්න ඕන අපිමයි. අද නිදහස් උත්සවේ වෙලාවේ රටේම ඉන්න කුඩු මුදලාලිලා, මිනීමරුවෝ, තක්කඩි හමුදා උත්තමාචාර මැද උත්සවයට සැපත් වෙන හැටි දැක්කම උඹලට අභිමානයක් දැනුනද? මට නං දැනුනේ ලැජ්ජාවක් - පිලිකුලක්.

අපි තාම නිදහස් නෑ. අපි නිදහස් වෙන්නේ අපේ රටේ මිනිස්සු පාලනය තමන්ගේ අතට ගත්ත දවසටයි. පාලකයෝ වැරදි පාරක යද්දී උන්ගේ කනින් ඇදල හරි පාරට දාන්න මිනිස්සුන්ට පුළුවන් වෙච්ච දවසටයි. මිනිස්සුන්ගේ හිතුම් පැතුම් වලට අනුව රට පාලනය වෙන දවසකටයි. අවුරුදු 65ට කලින් අපි සුද‍්දොන්ගේ වහල්ලු වෙලා හිටියා. ඒත් තාමත් අපි වහල්ලු. ඒ බව නොපෙනීම හරිම උත්ප්‍රාසජනකයි!

4 comments:

  1. සහතික ඇත්ත බං...

    ReplyDelete
  2. Well said.Everybody should read this.

    ReplyDelete
  3. සුද්දන්ගෙ වහල්ලු වෙලා හිටිය දැන් උබ අපට කියන්නෙ කාගෙ වහල්ලු වෙන්න කියලද?උබටත් අදහසක් ඇතිනෙ.චීන්නුන්ගෙ වහල්ලුද ? නැත්තන් ඉන්දියාවෙ වහල්ලුද?

    ReplyDelete
  4. මම ගැන උඹට පුරස්න යක් ඇත්නම් කියල මේ ටිකත් කියන්නංකො.මීට ඉස්සර ජයවාසනා කියල කොමෙන්ට් එකක් වැටුනා මතකද? අන්න ඌ තමයි මම.
    උඹ යෝජනා කරන්නෙ මේ දැනට තියන බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදෙ නැතිකරල මොකෙක් හරි මිනීමරුවෙකුට රට බාර දෙන්නද?
    අර විජේවීර කියන මිනීමරුවා රට ගත්තනම් ඌ සැප විදියි.තනිපක්ෂ ආන්ඩුවක් ගෙනියයි.උතුරු කොරියාවෙ කියුබාවෙ වාගෙ යකඩ තිරේකින් වටකරපු සත්තු වත්තක් හදයි.
    විජේවීරයට ප්‍රශස්ති ගී ගයන මී හරක් රැලක් හදයි
    මෙහෙම බ්ලොග් ලියන්නවත් බැරිවෙයි

    ReplyDelete