Sunday, December 9, 2012

මුස්ලිම් කෙල්ලෝ පව් නැද්ද එතකොට?


මේ සිංහල කොල්ලො කියන්නේ මහ එපා කරපු ජාතියක්. කෙල්ලනේ උන් එක්ක දීගෙක යන්න තියා හිතන්න එපා. බලන්න අර ගයාන් වික්‍රමතිලක කියන කොල්ලා තරුෂිනා ලතීෆ් කියන කෙල්ලව අනාත කරලා වෙන ගෑණියෙක් එක්ක ගිහිල්ලනේ. අවුරුදු තුනේ, දහතුනේ ලමයි දෙන්නකුත් ඉන්නවලු. ඕකුන් ඔහොම්මමයි; වලත්තයෝ. ඕක තමයි කියන්නේ ඉස්ලාම් ලමයිට සිංහල කොල්ලෝ එක්ක යාළු වෙන්න එපා කියලා.

හෝව් හෝව්! කලබල වෙන්න එපා. තම්බියා, හමබයා කියලා බැනලා බැචාට විරුද්ධව ‍කමෙන්ට් එකක් එහෙම දැම්මෙ නෑ නේද මේ ඉක්මනට? :D

මේක මේ මම නිකන් ලියපු දෙයක්. මේක මම ලිව්වේ මුස්ලිම් සිංහල විවාහ වලට විරුද්ධ ශුද්ධවන්තයන්ගේ හෙළුව පෙන්නන්න. මේ ශාන්තුවරුන්ට ප්‍රශ්නයක් තියෙන්නේ මුස්ලිම් මිනිස්සුත් එක්ක සිංහල ගෑණු විවාහ වෙන එක විතරනේ. ඒත් සිංහල කොල්ලෝ එක්ක මුස්ලිම් කෙල්ලො යාළු වුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද එයාලා තාම හිතන් ඉන්නේ "ගෑණු කියන්නේ බබාලා හදන මැෂින්" කියලනේ.

අනෙක් කතන්දරේ, මුස්ලිම් මනුස්සයෙක් මැස්සෙක් මැරුවත් වැරදියි. කසාද ගෑනිට කුණුහරුපයක් කිව්වත් ‍ෆේස්බුක් එකේ පෝස්ට් සීයක් විතරක් දාලා තියෙයි "දැක්කද තමබියෙක්/හම්බයෙක් එක්ක යාළු වුනාම වෙන දේ සිංහල කෙල්ලනේ" කියලා. ඒත් සිංහල මනුස්සයා මුස්ලිම් කෙල්ලට මොන ජඩ වැඩක් කරත් හුම් සද්දයක් නෑ. අනෙක, සිංහල මිනිස්සුත් එක්කම යාළු වෙලා ඉන්න සිංහල කෙල්ලන්ට වෙන අසාධාරණකම් ගැනත් මේ සුද්ධවන්තයන්ට කතා කරන්න හිතෙන්නෙ නැති හැටි! හරි පුදුමයි.

මේකේන් පැහැදිලි වෙන්නේ සරල දෙයක්. ඔය මිනිස්සුන්ට ගෑණු වර්ගයා ගැන කිසිම ආකාරයක සානුකම්පිත හැඟීමක් නැහැ. ගෑණුන්ට හෙන ගැහුවත් උන්ට ප්‍රශ්නෙකුත් නැහැ. හැබැයි සිංහල ජාතිවාදය අවුස්සන්න සිංහල බහුතරය ටාගට් කරන් කාලකන්නි ක්‍රියාවලියක උන් නිරතවෙනවා. අපේ සමහරුත් ඒ ක්‍රියාවලියට අහුවෙලා අවාසනාවකට. බැචාට කියන්න තියෙන්නේ එක දෙයයි.

ඔබ සිංහලයෙක් වෙන්න කලිනුයි මනුස්සයෙක් උනේ. සිංහලකම රැකගන්න කලින් මනුස්සකම තියෙනවද කියලා හදවතට තට්ටු කරලා බලන්න...

ප.ලි: මේ පෝස්ට් එක පුද්ගල චරිත අපහාසයට ලක්කිරීමේ අරමුණින් සිදුකරන ලද එකක් නොවන වග කරුණාවෙන් සලකන්න. මෙයට අදාල සිද්ධිය ගැන මෙලෝ තේරුමක් නොමැති පාර්ශව පහල සබැඳියට යන්න
http://www.gossiplankanews.com/2012/12/chathurika-roshan-separated.html

2 comments:

  1. උබත් ජාතිවාදයට බයද? උබට කවදා හරි නිදහසේ තමන්ට කැමති ආගමක් අදහන්න.. තමන්ට නිදහසේ කැමති දෙයක් කරන්න නොලැබුන දාක කියයි අනේ එදා මමත් මෙන්න මෙහෙම ගොං කතාවක් කිවුවනෙ කියලා.. මුස්ලිම් කියන්නේ පිලිලයක්... ඒ පිලිලයෙන් මේ පුංචි රට බේරගන්න එක හැම සිංහලයගෙම වගකීම. මෙහෙම තේරෙන්නෙ නැත්තං පොඩ්ඩක් 1970,1980,1990,2000,2010 ජනගහන වාර්ථා බලපං.. නැගෙනහිර සිංහල උරුමය විනාශ වෙන හැටි බලපං..

    ReplyDelete
  2. මේක නම් මහ බොලඳ අදහසක්...මුස්ලිම් කෙල්ලො සීයට එකක්වත් සිංහල කොල්ලො එක්ක යාලුවෙන්නෙ නෑ එහෙම වෙන්න උන්ගෙ වැඩිහිටියො දෙමව්පියො විතරක් නොවෙයි පාරෙදි හමුවෙන පිටස්තර මුස්ලිම් අයෙකුවත් ඉඩක් තියන්නෙ නෑ...උන්ගෙ බඩවල් ඇතුලෙ සිංහල පැටව් හදන්න උන් ඉඩදෙන්නෙ නෑ ලේසියට...සිංහල කෙල්ලො ඒකෙ කනපිට..උන්ගෙ සල්ලි වලට ෂෝ එකට රැවටිලා පෝලිමට හම්බ පැටව් බාන්න උන් එක්ක දීග යනවා අපූරුවට... කෙලී කාල ඇඳලවත් ඉන්නවනෙ කියල අපේ ගොන්නුත් ඉතින් කරබාගෙන ඉන්නව....

    ReplyDelete